මාදම්පෙ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් සැමරුම- 2026
මිනිසා සහ මිනිසා අතරත්, මිනිසා සහ සමාජය අතරත් මිනිසා සහ සොබාදහම අතරත් ඇත්තේ ගැඹුරු සම්බන්ධතාවයකි. අපගේ ජීවන පැවැත්ම උදෙසා උපකාරවන
සූර්යයාට, මහපොළොවට සහ මහපොළොව මත රශ්මිය වපුරන සහ වගා අස්වැද්දවීමට උදව්කරන ගව මහීෂාදීන් වෙනුවෙන් කෘතඥතාව පිළිගන්වන, ස්තුතිය ප්රකාශ
කරන දිනයක් වශයෙන් තෛපොංගල් උත්සවය සැලකේ.
හිරු දෙවිඳුන්ගේ ආශිර්වාද ලබමින් ඇරඹි, මාදම්පෙ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් උළෙල සැමරීම 2026.01.22 දින ප්රාදේශීය ලේකම්තුමියගේ
ප්රධානත්වයෙන්, සංස්කෘතික අංශයේ සංවිධානයෙන් සහ කාර්යාලයීය නිලධාරීන්ගේ සහයෝගයෙන් ඉතා උත්කර්ෂවත්ව සිදු කරන ලද අතර මෙහිදී ශ්රී සෙල්වවිනායක
කෝවිලෙහි සසීස් කුමාර් කුරුක්කල්තුමා විසින් ආශිර්වාද පූජාව සිදු කරන ලදී.
හින්දු ආගමික වතාවත් ප්රමුඛ ව, කෝලම් රටා සහ හින්දු ආගමික සැරසිලි අංග වලින් කාර්යාල භූමිය අලංකාර වූ අතර රසවත් මුරුතැන් බතක්ද පිළියෙල කරන ලදි.
කාර්යාලයීය නිලධාරීන්ගේ එකමුතුකම, සහයෝගිතාව හා කණ්ඩායම් හැඟීම සංවර්ධනය, සංස්කෘතික හුවමාරුව, සහජීවනය සහ ආගමික සංහිඳියාව වර්ධනය කරනු වස්
සිදුකරන මෙය වාර්ෂිකව සිදු කරයි.
සැමට සුභ තෛපොංගල් දිනයක් වේවා!


















