අපගේ දැක්ම
සමෘද්ධිමත් ජන දිවියක් උදාකර දීමඅපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සමපත් සමබන්දීකරණය, ජනතා සහභාගීත්වයෙන් යුත් සැළසුම් සහගත කාර්යක්ෂම හා තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.ආයතනයේ විකාශනය
2019 වර්ෂය වන විට 15,503 ක පවුල් සංඛ්‍යාවකින් සමන්විත වන අතර මුළු ජනගහනය 53,918 කි. වර්ග කිලෝමීටරයකට ජන ඝනත්වය 591.86 කි.
බහු ජාතික හා සර්ව ආගමික ප්‍රජාවක් ජීවත්වන මෙම කොට්ඨාසයේ සිංහල 49”617 ක් ද, දෙමළ 1”175 ක් ද,මුස්ලිම් 3”105 ක් ද, බර්ගර් 16 ක් ද, වෙනත් ජාතින් 05 ක් ද වන අතර ඉන් බෞද්ධාගමිකයන් 40”507 ක් ද, කතෝලික ආගමිකයින් 9”477 ක් ද, හින්දු ආගමිකයින් 590 ක් ද, ඉස්ලාම් ආගමිකයන් 3”105 ක් ද, වෙනත් ආගම් අදහන්නන් 239 ක් ද වශයෙන් සිටිති.
කොට්ඨාසයේ කෘෂිකාර්මික තත්වය දෙස බැලීමේදී පොල් වගාව අක්කර 13,300 ක් ද පළතුරු වගාව අක්කර 258.12 ක් පමණ ද එළවළු වගාව අක්කර 24.21 ක් ද, යල සහ මහ කන්න දෙකෙහි වගා කරනු ලද සුළු වාරි මාර්ග කුඹුරු වගාව හෙක්ටයාර 382.8 ක් ද මධ්‍ය පරිමාණ වාරි මාර්ග කුඹුරු වගාව හෙක්ටයාර 222.7 ක් ද වර්ෂා පෝෂිත කුඹුරු වගාව හෙක්ටයාර 84 ක් ද වශයෙන් වගාවන් සඳහා යොදාගෙන ඇත.
කොට්ඨාසයේ කර්මාන්ත පද්ධතිය දෙස බැලීමේදි, කාබන් හා වානේ කර්මාන්ත ශාලාවක් ද, ස්කාගාර බෝතල් රා ඇසිරීම, ඇගළුම්, කොහු සම් භාණ්ඩ, ලී මෝල්, පේෂ කර්ම(අත් යන්ත්‍ර), මුද්‍රණ, බ්ලොක් ගල්, අඟුරු නිෂ්පාදනය, පොල් කර්මාන්ත හා තෙල්, කපාපු පොල් සහල් නිෂ්පාදනය, උළු ගඩොල් නිෂ්පාදනය, ලී භාණ්ඩ නිෂ්පාදනය, සිමෙන්ති ආශ්රිත නිෂ්පාදන, ස්වර්ණාභරණ නිෂ්පාදන, විසිුරු භාණ්ඩ නිෂ්පාදනය, මෝටර් රථ අලුත්වැඩියාව, වෙල්ඩින්/කම්මල්, වීමෝල් ආදි වශයෙන් විවිධ කර්මාන්ත රාශියක් ඇත.
ධීවර කර්මාන්තය දෙස බැලීමේ දී කලපු ආශ්‍රිතව ධීවර පවුල් 32ක් පමණ වෙති. ක්‍රියාත්මක ඉස්සන් ගොවිපල අක්කර 18 ක පමණ ව්‍යාප්තව පවති. මීට අමතරව මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ද පම්බල පිහිටා ඇත.
සෞඛ්‍ය සේවා අංශය දෙස බලන විට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මෙම කොට්ඨාසයේ පිහිටා ඇති අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරු 04 ක් හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් 13 ක් මාදම්පෙ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල රාජකාරි කටයුතුවල නිරත වී සිටිති. පර්යන්ත ඒකක 02 ක්, මධ්‍යම බෙහෙත් ශාලා 01 ක්, රජයේ ආයුර්වේද රෝහල් 01 ක් ද, සායන මධ්‍යස්ථාන 07 ක් ඇත.


කාර්යභාරය ඉටුකළ ප්‍රාදේශීය ලේකම්වරු
| නම | සිට | දක්වා |
| එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා | 1991 | 1993 |
| එස්. එම්. එල්. චන්ද්‍රසිරි මහතා | 1994 | 2002 |
| වික්‍රම වරාගොඩ මහතා | 2003 | 2010 |
| එච්. එම්. එස්. පී. හේරත් මහතා | 2011 | 2018 ඔක් |
| ඒ. එම්. සී. එම්. ප්‍රේමසූරිය මහතා | 2018 ඔක් | 2024 පෙබ 22 |
| ඊ. එම්. පී. පී. ඒකනායක මහත්මිය | 2024 පෙබ 26 |















