ප්‍රාදේශීය ලේකම්  
madam නම

ඊ. එම්. පී. පී. ඒකනායක මහත්මිය

සුදුසුකම්

බී එස් සී ව්‍යාපාර පරිපාලන විශේෂවේදී (ව්‍යාපාර ආර්ථිකය) 

රාජකාරි ඉතිහාසය

සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කුලියාපිටිය බටහිර

සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බිංගිරිය 09/05/2014 - 21/04/2021

කොමසාරිස්, පළාත් පාලන දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත 09/10/2012 - 08/05/2014

සහකාර ප්‍රාදේශීය ලේකම්    
Untitled 2 නම

අයි. පී. ඩී. එච්. පතිරණ මහත්මිය

සුදුසුකම්  
රාජකාරි ඉතිහාසය

සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මුන්දලම

සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පෙ 

ගණකාධිකාරි    
 Remove background project නම 

දිලනි අසංකා හේරත් මහත්මිය

සුදුසුකම්

බී එස් සී ව්‍යාපාර පරිපාලන විශේෂවේදී 

වරලත් ගණකාධිකාරි අවසන් විභාගය 

රාජකාරි ඉතිහාසය

ගණකාධිකාරි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුත්තලම

ගණකාධිකාරි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පෙ 

සහකාර අධ්‍යක්ෂ (සැළසුම්)    
adp නම

කේ. යූ. එම්. චම්පිකා මහත්මිය

සුදුසුකම්

බී එස් සී කෘෂිකර්මය පිළිබඳ උපාධිය

ප්‍රාදේශීය සංවර්ධනය පශ්චාත් උපාධි ඩිප්ලෝමාව     

රාජකාරි ඉතිහාසය

සහකාර අධ්‍යක්ෂ (සැළසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නාත්තණ්ඩිය - 2010 - 2013

සහකාර අධ්‍යක්ෂ (සැළසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආරච්චිකට්ටුව - 2013 - 2018

සහකාර අධ්‍යක්ෂ (සැළසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහවැව - 2018 - 2019

සහකාර අධ්‍යක්ෂ (සැළසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පෙ - 2019

පරිපාලන නිලධාරි    
 anusha නම                      

ආර්. ඒ්. ඒස්. ප්‍රනාන්දු මහත්මිය

සුදුසුකම්  
රාජකාරි ඉතිහාසය පරිපාලන නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පෙ 
පරිපාලන ග්‍රාම නිලධාරි    
 Untitled 1 නම        

ඩී. සුයාම ඩී පෙරේරා මහතා

සුදුසුකම්               

ග්‍රාම නිලධාරි සේවය (පුහුණු)

විනය පටිපාටිය පිළිබඳ ඩිප්ලෝමාව

අ. පො. ස. උසස් පෙළ විභාගය

රාජකාරි ඉතිහාසය

පරිපාලන ග්‍රාම නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කුලියාපිටිය නැගෙනහිර

පරිපාලන ග්‍රාම නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උඩුබද්දාව

පරිපාලන ග්‍රාම නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පෙ 

අපගේ දැක්ම

සමෘද්ධිමත් ජන දිවියක් උදාකර දීම

අපගේ මෙහෙවර 

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සමපත් සමබන්දීකරණය, ජනතා සහභාගීත්වයෙන් යුත් සැළසුම් සහගත කාර්යක්ෂම හා තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.
 

ආයතනයේ විකාශනය

වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මැතිවරණ කොට්ඨාසයෙහි ගම් 110 ආවරණය වන ග්‍රාම නිලධාරී වසම 49 කින් යුක්ත මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 9,110 ක් වන අතර එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 91.1 කි.
 

2019 වර්ෂය වන විට 15,503 ක පවුල් සංඛ්‍යාවකින් සමන්විත වන අතර මුළු ජනගහනය 53,918 කි. වර්ග කිලෝමීටරයකට ජන ඝනත්වය 591.86 කි.

බහු ජාතික හා සර්ව ආගමික ප්‍රජාවක් ජීවත්වන මෙම කොට්ඨාසයේ සිංහල 49”617 ක් ද, දෙමළ 1”175 ක් ද,මුස්ලිම් 3”105 ක් ද, බර්ගර් 16 ක් ද, වෙනත් ජාතින් 05 ක් ද වන අතර ඉන් බෞද්ධාගමිකයන් 40”507 ක් ද, කතෝලික ආගමිකයින් 9”477 ක් ද, හින්දු ආගමිකයින් 590 ක් ද, ඉස්ලාම් ආගමිකයන් 3”105 ක් ද, වෙනත් ආගම් අදහන්නන් 239 ක් ද වශයෙන් සිටිති.

කොට්ඨාසයේ කෘෂිකාර්මික තත්වය දෙස බැලීමේදී පොල් වගාව අක්කර 13,300 ක් ද පළතුරු වගාව අක්කර 258.12 ක් පමණ ද එළවළු වගාව අක්කර 24.21 ක් ද, යල සහ මහ කන්න දෙකෙහි වගා කරනු ලද සුළු වාරි මාර්ග කුඹුරු වගාව හෙක්ටයාර 382.8 ක් ද මධ්‍ය පරිමාණ වාරි මාර්ග කුඹුරු වගාව හෙක්ටයාර 222.7 ක් ද වර්ෂා පෝෂිත කුඹුරු වගාව හෙක්ටයාර 84 ක් ද වශයෙන් වගාවන් සඳහා යොදාගෙන ඇත.

කොට්ඨාසයේ කර්මාන්ත පද්ධතිය දෙස බැලීමේදි, කාබන් හා වානේ කර්මාන්ත ශාලාවක් ද, ස්කාගාර බෝතල් රා ඇසිරීම, ඇගළුම්, කොහු සම් භාණ්ඩ, ලී මෝල්, පේෂ කර්ම(අත් යන්ත්‍ර), මුද්‍රණ, බ්ලොක් ගල්, අඟුරු නිෂ්පාදනය, පොල් කර්මාන්ත හා තෙල්, කපාපු පොල් සහල් නිෂ්පාදනය, උළු ගඩොල් නිෂ්පාදනය, ලී භාණ්ඩ නිෂ්පාදනය, සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන, ස්වර්ණාභරණ නිෂ්පාදන, විසිුරු භාණ්ඩ නිෂ්පාදනය, මෝටර් රථ අලුත්වැඩියාව, වෙල්ඩින්/කම්මල්, වීමෝල් ආදි වශයෙන් විවිධ කර්මාන්ත රාශියක් ඇත.

ධීවර කර්මාන්තය දෙස බැලීමේ දී කලපු ආශ්‍රිතව ධීවර පවුල් 32ක් පමණ වෙති. ක්‍රියාත්මක ඉස්සන් ගොවිපල අක්කර 18 ක පමණ ව්‍යාප්තව පවති. මීට අමතරව මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ද පම්බල පිහිටා ඇත.

සෞඛ්‍ය සේවා අංශය දෙස බලන විට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මෙම කොට්ඨාසයේ පිහිටා ඇති අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරු 04 ක් හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් 13 ක් මාදම්පෙ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල රාජකාරි කටයුතුවල නිරත වී සිටිති. පර්යන්ත ඒකක 02 ක්, මධ්‍යම බෙහෙත් ශාලා 01 ක්, රජයේ ආයුර්වේද රෝහල් 01 ක් ද, සායන මධ්‍යස්ථාන 07 ක් ඇත.

2
1

කාර්යභාරය ඉටුකළ ප්‍රාදේශීය ලේකම්වරු

නම සිට දක්වා
එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා 1991 1993
එස්. එම්. එල්. චන්ද්‍රසිරි මහතා 1994 2002
වික්‍රම වරාගොඩ මහතා 2003 2010
එච්. එම්. එස්. පී. හේරත් මහතා 2011 2018 ඔක්
ඒ. එම්. සී. එම්. ප්‍රේමසූරිය මහතා 2018 ඔක්  2024 පෙබ 22
ඊ. එම්. පී. පී. ඒකනායක මහත්මිය 2024 පෙබ 26  

2024 වර්ෂය තුළ අපගේ අනුමත කාර්ය මණ්ඩලය සහ සැබෑ කාර්ය මණ්ඩලය පහත පරිදි වේ:

                      

                      

   

News & Events

10
ජූලි2026
මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් සැමරුම- 2026

මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් සැමරුම- 2026

මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් සැමරුම- 2026...

10
ජූලි2026
40 වන කලාභූශණ රාජ්‍ය සම්මාන උළෙල - 2026

40 වන කලාභූශණ රාජ්‍ය සම්මාන උළෙල - 2026

40 වන කලාභූශණ රාජ්‍ය සම්මාන උළෙල -...

Scroll To Top