මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් සැමරුම- 2026
මිනිසා සහ මිනිසා අතරත්, මිනිසා සහ සමාජය අතරත් මිනිසා සහ සොබාදහම අතරත් ඇත්තේ ගැඹුරු සම්බන්ධතාවයකි. අපගේ ජීවන පැවැත්ම උදෙසා උපකාරවන සූර්යයාට, මහපොළොවට සහ මහපොළොව මත රශ්‍මිය වපුරන සහ වගා අස්වැද්දවීමට උදව්කරන ගව මහීෂාදීන් වෙනුවෙන් කෘතඥතාව පිළිගන්වන, ස්තුතිය ප්‍රකාශ කරන දිනයක් වශයෙන් තෛපොංගල් උත්සවය සැලකේ.
හිරු දෙවිඳුන්ගේ ආශිර්වාද ලබමින් ඇරඹි, මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් උළෙල සැමරීම 2026.01.22 දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන්, සංස්කෘතික අංශයේ සංවිධානයෙන් සහ කාර්යාලයීය නිලධාරීන්ගේ සහයෝගයෙන් ඉතා උත්කර්ෂවත්ව සිදු කරන ලද අතර මෙහිදී ශ්‍රී සෙල්වවිනායක කෝවිලෙහි සසීස් කුමාර් කුරුක්කල්තුමා විසින් ආශිර්වාද පූජාව සිදු කරන ලදී.
හින්දු ආගමික වතාවත් ප්‍රමුඛ ව, කෝලම් රටා සහ හින්දු ආගමික සැරසිලි අංග වලින් කාර්යාල භූමිය අලංකාර වූ අතර රසවත් මුරුතැන් බතක්ද පිළියෙල කරන ලදි.
කාර්යාලයීය නිලධාරීන්ගේ එකමුතුකම, සහයෝගිතාව හා කණ්ඩායම් හැඟීම සංවර්ධනය, සංස්කෘතික හුවමාරුව, සහජීවනය සහ ආගමික සංහිඳියාව වර්ධනය කරනු වස් සිදුකරන මෙය වාර්ෂිකව සිදු කරයි.
සැමට සුභ තෛපොංගල් දිනයක් වේවා!
| ලිපිනය | දුරකථන අංකය |
| ශ්‍රී සුධර්මාරාමය, නො.21, මාළිගාවත්ත පාර, කොළඹ 10 | +94 112 436 325 |
| අමාත්‍ය ආරක්ෂක අංශය, නො.440, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවත, කොළඹ 02 | +94 112 697 285 |
| උඩරට අධ්‍යාපන සංවර්ධන සමිතිය, නො. 189, 3 වන මහල, Sea Street, කොළඹ 11 | +94 112 444 339 |
| විද්‍යෝදය පිරිවෙන, මාළිගාකන්ද පාර, කොළඹ 10 | +94 112 677 623 +94 112 695 796 |
| ශ්‍රී වරදරාජා විනායගර් පන්සල, නො. 105, කොටහේන පාර, කොළඹ 13 | +94 112 336 555 |
| ප්‍රජා සංවර්ධන සමිතිය, ශ්‍රී මහා විශුද්ධාරාමය, නො. 283, සිරිධම්ම මාවත, කොළඹ 10 | +94 718 463 369 |
| ශ්‍රී සිවසුබ්‍රමනියම් ස්වාමි පන්සල, නො.98, ජින්තුපිටිය පාර, කොළඹ 13 | +94 112 433 361 |
| ශ්‍රී වජිරඤාණ විහාරස්ථ සමිතිය, නො. 101, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 | +94 112 676 593 |
| නම/ ස්ථානය | ලිපිනය | දුරකතන අංකය |
|
දුම්රිය ස්ථානය, මාදම්පෙ |
ස්ථානාධිපති, දුම්රිය ස්ථානය, මාදම්පෙ |
+94 322247671 |















