මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් සැමරුම- 2026
 
මිනිසා සහ මිනිසා අතරත්, මිනිසා සහ සමාජය අතරත් මිනිසා සහ සොබාදහම අතරත් ඇත්තේ ගැඹුරු සම්බන්ධතාවයකි. අපගේ ජීවන පැවැත්ම උදෙසා උපකාරවන
සූර්යයාට, මහපොළොවට සහ මහපොළොව මත රශ්‍මිය වපුරන සහ වගා අස්වැද්දවීමට උදව්කරන ගව මහීෂාදීන් වෙනුවෙන් කෘතඥතාව පිළිගන්වන, ස්තුතිය ප්‍රකාශ
කරන දිනයක් වශයෙන් තෛපොංගල් උත්සවය සැලකේ.
හිරු දෙවිඳුන්ගේ ආශිර්වාද ලබමින් ඇරඹි, මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් උළෙල සැමරීම 2026.01.22 දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ
ප්‍රධානත්වයෙන්, සංස්කෘතික අංශයේ සංවිධානයෙන් සහ කාර්යාලයීය නිලධාරීන්ගේ සහයෝගයෙන් ඉතා උත්කර්ෂවත්ව සිදු කරන ලද අතර මෙහිදී ශ්‍රී සෙල්වවිනායක
කෝවිලෙහි සසීස් කුමාර් කුරුක්කල්තුමා විසින් ආශිර්වාද පූජාව සිදු කරන ලදී.
හින්දු ආගමික වතාවත් ප්‍රමුඛ ව, කෝලම් රටා සහ හින්දු ආගමික සැරසිලි අංග වලින් කාර්යාල භූමිය අලංකාර වූ අතර රසවත් මුරුතැන් බතක්ද පිළියෙල කරන ලදි.
කාර්යාලයීය නිලධාරීන්ගේ එකමුතුකම, සහයෝගිතාව හා කණ්ඩායම් හැඟීම සංවර්ධනය, සංස්කෘතික හුවමාරුව, සහජීවනය සහ ආගමික සංහිඳියාව වර්ධනය කරනු වස්
සිදුකරන මෙය වාර්ෂිකව සිදු කරයි.
 
සැමට සුභ තෛපොංගල් දිනයක් වේවා!
 
40 වන කලාභූශණ රාජ්‍ය සම්මාන උළෙල - 2026
 
දිවයින පුරා විවිධ වූ කලා ක්ෂේත්‍රවල සේවය කල පරිණත කලාකරුවන් වෙත
ජීවිතයේ එක් වතාවක් පමණක්
ඇගයීමට ලක් කරනු ලබන කලාභූෂණ සම්මාන උළෙල
සංස්කෘතික  කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු
ලබන රාජ්‍ය උත්සවයකි.
 
මාදම්පෙ කොට්ඨාසයට මහත් අභිමානයක් එක් කරමින්, 
කලා ජීවිතයේදී පිදෙන විශිෂ්ටතම සම්මානයක් වූ කලාභූෂණ සම්මානය,
ප්‍රවීණ  ජනමාධ්‍ය ශිල්පී ජූඩ් සමන්ත කලාකරුවානන් විසින් හිමිකර ගන්නා ලදී..
 
ඔහුට මාදම්පෙ සංස්කෘතික බලමණ්ඩලය විසින් උණුසුම් සුභ පැතුම් පිරිනමන්නෙමු..
 

2022/12/03 දින පැවති දිස්ත්‍රික් ලේකම් අභියෝග ශූරතා තරගාවලියේ කාන්තා වොලිබෝල් දිස්ත්‍රික් ශූරතාවය දිනාගත් මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා වොලිබෝල් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්.
අවසන් තරගය - මාදම්පෙ - වනාතවිල්ලුව
හොඳම ක්‍රීඩිකාව - උෂානි ඉමල්කා මිය (ක්‍රීඩා නිලධාරි)
318103794 453555596945734 4389416080548173502 n 317686279 453555386945755 1302755636262036457 n 317940823 453555450279082 5610149239536456811 n 319709191 688915092756389 6774505927390083631 n
මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ අභිනව ප්‍රාදේශීය මහ ලේකම්තුමිය ලෙස පමුදිතා ප්‍රසාදීනී ඒකනායක මහත්මිය
2024-02-26 දින ආගමික වතාවත් මැද සුභ මොහොතින් රාජකාරී ආරම්භ කිරීම.
 
428688835 710219874612637 6640754413773006439 n 428697268 710219117946046 7297143819390495640 n 429478518 710219414612683 1867825118892689226 n

නාත්තණ්ඩිය ජාතික යොවුන් සේනාංකය මගින් මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා 2022/02/23 දින නායකත්ව හා පෞරුෂ සංවර්ධන වැඩසටහනක් පැවැත්වීම

Conducting a Leadership and Personality Development Program for Field Officers of Madampe Divisional Secretariat on 23/02/2022 by Nattandiya National Youth Corps

WhatsApp Image 2022 02 24 at 2.15.35 PM  WhatsApp Image 2022 02 24 at 2.16.03 PM  WhatsApp Image 2022 02 24 at 2.16.22 PM

Subcategories

News & Events

10
Jul2026
මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් සැමරුම- 2026

මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් සැමරුම- 2026

මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් සැමරුම- 2026...

10
Jul2026
40 වන කලාභූශණ රාජ්‍ය සම්මාන උළෙල - 2026

40 වන කලාභූශණ රාජ්‍ය සම්මාන උළෙල - 2026

40 වන කලාභූශණ රාජ්‍ය සම්මාන උළෙල -...

Scroll To Top